Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, June 7, 2015

මුහුද යටින් කෝච්චියේ ගමනක්

සිනමාවේත් ටෙලිනාට්‍ය ඔස්සේත් දක්ෂතා දක්වන සුරූපිනියක් තමයි චංචලා වර්ණසූරිය. චංචලා මේ දවස්වල අලුත්ම චිත්‍රපටයක හා චාමර පීරිස්ගේ ‘ඇසිඩ්’ ඇතුළු ටෙලි නාට්‍ය කීපයක රංගනයේ නියැළෙනවා. පසුගිය දවස්වල ඇය ප්‍රංශයට ගියා. ඇය හිටි හැටියේම ප්‍රංශයට ගියේ ඇයි? කලාවෙන් සමුගන්න හිතාගෙනවත් ප්‍රංශයට ගියාද? මේ ගැන අපි චංචලා එක්ක කතා කළා.

‘මම පසුගිය දවස්වල ප්‍රංශයේ තමයි හිටියේ. කාලෙකට පස්සෙ ගිය නිසා මම පැරිස්වල ඉදන් ලන්ඩන්වලටත් ගියා. ඒ ගියේ ‘යුරෝ ස්ටාර්’ කෝච්චියේ. එය හරිම අපූරු අද්දැකීමක්. මොකද මේ කෝච්චිය යන්නේ මුහුද යටින්. මම පැරිස් ගියාම නිතරම වගේ මේ කෝච්චියේ ලන්ඩන් යනවා. මම කෝච්චියේ ගමන් කරන විට ලංකාවේ මගේ රසික රසිකාවියන් දෙතුන්දෙනෙකුත් හමුවුණා.

ඔවුන් ඉතා සුහදව මාත් එක්ක කලා කටයුතු ගැන කතා කළා. ඒ ‍වගේම මම තීරණය කළා මින් ඉදිරියට වැඩි කාලයක් ප්‍රංශයේ ගත කරන්න. ඒත් කලා ජීවිතයෙන් සමුගන්න අදහසක් නැහැ. ලංකාවේ රැදී සිටින කාලය අඩු කරලා වැඩි කාලයක් මගේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ප්‍රංශයේ ගත කරන්නයි හිතාගෙන ඉන්නේ.’

(
ලංකාදීප පුවත්පත ඇසුරෙනි
tharunaya

0 comments:

Post a Comment