Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Thursday, May 28, 2015

මැගී නූඩ්ල්ස් වල MSG අධික දැයි බැලීමට පරීක්ෂණ

මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම්ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙන බව ලංකාදීප පුවත් වාර්තා කරයි.

ඉන්දියාවේ එම නූඩ්ල්ස්වල අනුමත් ප්‍රමාණයට වඩා ඊයම් හත් ගුණයකින් තිබුණූ බව ඉන්දියා රජය සොයාගෙන තිබේ. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මැගි නූඩ්ල්ස් වල එම්.එස්.ජී රසායනය අනුමත ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබූ බව මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියා ආහාර හා ඖෂධ අධිකාරිය පවසනුයේ තමන් පරීක්ෂා කළ සියලු සාම්පල බාල මට්ටමේ තිබූ බවයි. එවැනි නිෂ්පාදන අලෙවියද තහනම් කළ හැක.

ඒ අනුව ශ්‍රී ලංකාවද පරීක්ෂණ ඇරඹූ බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය පවසා ඇත.
bus gossip

අලියා බස් එකට ගැහුවේ නෑ - බස් එක අලියගේ ඇඟේ හැප්පුවා

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී ඊයේ (23) උදෑසන 5.45 ට පමණ බස් රථයකට වන අලියකු ප්‍රහාරයක් එල්ල කළ සිද්ධිය මේ වන විට මතභේදාත්මක තත්ත්වයකට පත්ව තිබේ.

ඒ අදාළ සිදුවීම පිළිබඳව එම චාරිකාවට එක්ව සිටි පාසල් සිසුවියන් නිවෙස්වලට පවසා ඇති වෙනස්ම කතාවක් හේතුවෙනි.

මේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා කළේ “හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසුවියන් පිරිසක් විද්‍යාලයේම බස් රථයෙන් අධ්‍යාපන චාරිකාවක් සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන අතරමගදී බස් රථයට වන අලි ප්‍රහාරය එල්ලවී ඇත.” යනුවෙනි.

නමුත් සිද්ධිය පිළිබඳව ඇතැම් සිසුවියන් තම නිවෙස්වලට සිද්ධිය පවසා ඇත්තේ රියදුරාට නින්ද යෑම හේතුවෙන් මාර්ගයේ සිටි අලියාගේ ඇඟේ බස් රථය ගැටී ඇති ලෙසය. මෙහිදී සිද්ධිය පිළිබඳව දැකපු ඇතැම් සිසුවියන් බස් රථය වන අලි සිටි ස්ථානය කරා ඇදී යද්දී කෑ ගසා ඒ පිළිබඳව දැනුම් දුන්නද රියදුරා විසින් ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බවත් සඳහන්.

පසුව වන අලියාගේ ඇඟේහි බස් රථය ගැටීමෙන් පසු අලියා කැලයට දිව ගොස් ඇති බවත් එම සිසුවියන් පවසා ඇත.

මෙම අනතුරින් එම බස් රථයේ සිටි ගුරුවරියන් දෙදෙනෙකු හා සිසුවියක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් සිසුවියන් කීප දෙනෙකුම සුළු තුවාල සිදුවී හා කම්පන තත්වයකට පත්ව රෝහල් ගත කර තිබුණි.

මෙම මාර්ගය දෙපස කුණු කසල ගෙනවිත් දැමීම නිසා ඒවා ආහාරයට ගැනීමට වන අලින් මාර්ගයට නිතර පැමිණෙන බවත් එමෙන්ම දඹුල්ල නගරයේ ඉවත දමන කුණු කසල දිගම්පතහා රක්ෂිතයට ගෙනවිත් දමන අතර ඒවා ආහාරයට ගැනීමට එන අලිද මාර්ගය හරහා ගමන් කරන බවත් වාර්තා වේ.
bus gossip

බැසිල්ගේ බිරිදටත් වැඩ වරදින ලකුණු

කොළඹ අලුතින් ඉදිකෙරුණ වරායේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් චීන සමාගමකින් රුපියල් මිලියන 600 (කෝටි 60) මුදලක් පුෂ්පා රාජපක්ෂ නමැති පදනමේ ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 

බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ මහත්මිය යටතේ මෙම පදනම ස්ථාපිත කර තිබේ.

වරායේ ඉදිකිරීම් කටයුතුවල කොටසක් බාරගෙන තිබූ Colombo International Container Terminal නමැති සමාගම එකම චෙක්පතකින් සෘජුවම මෙම මිලියන 600 මුදල එම පුෂ්පා රාජපක්ෂ පදනමේ ගිණුමට බැර කර තිබේ.

පුණ්‍ය පදනමක් ලෙස එම පදනම පිහිටුවා ඇතත් එහි මුදල් එය පිහිටුවාගත් අය විසින් පෞද්ගලිකවම පරිහරණය කරන බවට මූල්‍ය අපරාධ කොට්ඨාශය තහවුරු කරගෙන තිබේ.

එම චීන සමාගමට අදාළ වරාය සංවර්ධන කටයුතුවලට අදාළ කොන්ත්‍රාත්තුව පැවරීම පිටුපස එවකට රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයකු සිටියි.

එම ඇමතිවරයා එම සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව පැවරීමේදී ඔහුට ‍සමාගමෙන් ලැබුණු කොමිස් මුදල වූ මිලියන 600 සෘජුවම ඔහු විසින් බාර නොගෙන අදාළ 'පුෂ්පා රාජපක්ෂ පදනමේ' ගිණුමට බැරකරවා ඇති බවටද තොරතුරු ලැබී තිබේ.


එම සියලු තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම වංචාවට සම්බන්ධව පුද්ගලයන් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ඔවුන් වංචාවක් සිදු කර තිබෙන බව ඔප්පු වුවහොත් එය බරපතළ වංචාවක් හෙයින් ඔවුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගනු ඇත
bus gossip